Advertise with Giraya
NEWS

පොලීසිය සමඟ වෙඩි හුවමාරුවකින් මාකඳුරේ මදූෂ් ජීවිතක්ෂයට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මදූෂ්’ නමැත්තා අද (20) අලුයම පොලිසිය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා සිදු කළ මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි හුවමාරුව සිදු වී ඇති අතර මාකඳුරේ මදූෂ් ජීවිතක්ෂයට පත් වී ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු වී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන ‘මාකඳුරේ මධූෂ්’ පොලීසියේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. පොලීසිය එම ස්ථානයට ගිය අවස්ථාවේ දී ජාවාරම්කරුවන් විසින් මදූෂ් බේරා ගැනීමට පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අනතුරුව එම ස්ථානයේ සිදු කරන ලද සෝදිසියකින් රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලදි.

වසර එකහමාරක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් මිට දින කිහිපයකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශයට භාර කෙරුණු අතර එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගනු ලැබුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top