කාදිනල් හිමිපාණන් හට අපහාස කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියොවක් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ කාන්තාව නොවැම්බර් මස 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට අදාළ කාන්තාව විසින් “වෛරී සහගත අන්තර්ගතයක් සහිත වීඩියෝපටයක්” සමාජ මාධ්‍ය වෙත මුදා හළ තිබූ අතර එම වීඩියෝව මගින් කාදිනල් හිමියන් බෞද්ධ සමාජය සමඟ පවත්වාගෙන යනු ලබන යහපත් සබඳතාවය විවේචනය කරමින් කාදිනල් හිමියන්ට අපහාසාත්මක ලෙස ඇය බැන වදියි.
ඒ අනුව, අදාළ කාන්තාවගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගරදගුරු කාර්යාලය කළ පැමිණිල්ලකට අනුව දීප්ති මදනායක නම් 41 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
