කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔක්තෝම්බර් 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (19) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීරණයක පිහිටි නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගන්නා ලදී.
නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාව සිටියදී පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ අවතැන් වූ ඡන්ද දායකයන් මන්නාරම ප්‍රදේශයට ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් පොදු දේපළ සාපරාධී ලෙස අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
සම්බන්ධිත පුවත්
- බදියුදීන්ට රැකවරණය දුන් වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට
- දින 6ක් සැඟව සිටි රිෂාඩ් බදියුදීන් අල්ලයි
- තමාව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රිෂාඩ්ගෙන් රීට් පෙත්සමක්
- රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්
- රිෂාඩ් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නැති බව කොටුව මහේස්ත්‍රාත් දන්වයි
- බදුර්දීන් අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙයි
