Advertise with Giraya
NEWS

මීගමුවේ ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිඳට කොරෝනා

මීගමුවේ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ රෙදිපිළි අලෙවිසැලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මීගමුව නගර සභාවට අයත් එම වෙළඳ සංකීරණය වසා දැමීමට පියවර ගත් බව මීගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් වසන්ත සඳහන් කරයි. මෙම ව්‍යාපාරිකයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔවුන්ගේ වෙළෙද සැලට ආසන්නයේ පිහිටි සෙසු වෙළෙදසැල් වසා දැමීමට පියවර ගත් බවත් හෙට (20) දිනයේදී එහි සිටි පුද්ගලයින් 100 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කිරිමට සැලසුම් කොට තිබෙන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

එමෙන්ම, මෙම ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය ඔක්තෝම්බර් මස පළමු සතියේ දී පවත්වා ඇති බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

මෙම ව්‍යාපාරයෙන් රෙදි මිලදි ගත් පාරිභෝගිකයින් කවුරුන්ද කියා මේ වන විට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඔවුන්ටද පීසීආර් පරීක්ෂණයන් සිදු කිරීමට කටයුතු කරන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top