Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව තවත් ආසාදිතයින් 47ක් වාර්තා වෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (19) පස්වරු 06.55 වන විට තවත් පුද්ගලයින් 47 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය වන අතර අනෙක් 21දෙනා ආශ්‍රිතයින් වේ.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 5625ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2162 දක්වා ඉහළ යනු ඇති.

Giraya News Alerts

ඊයේ (18) දිනයේ දී බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව 61 දෙනෙකු හඳුනාගෙන තිබෙන විදේශයන් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට ද වෛරසය ආසාදිත බවට තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 2232ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3440ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top