Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

20 ගැන විවාදය පසුවට කල් දමන්න – විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් ඉල්ලීමක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පැවැත්වීමට නියමිත විවාදය කල් දමන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ, රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව රැස්වීම් පැවැත්වීම සිමා කළ යුතු බවත් පුද්ගල දුරස්ථභාවය පවත්වා ගත යුතු බවත් ය. එබැවින්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය ද, පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම එම නීති රීති උල්ලංඝණය කිරීමක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එම හේතුවෙන්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදය කල් දමන ලෙසත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මේ සතියේ පාර්ලිමේන්තු සැසිය රජය විසින් පනවන ලද නව නීති රීතිවලට අනුකූලව කැඳවන ලෙසත් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Giraya News Alerts

එම ලිපිය පහතින් දැක්වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top