Advertise with Giraya
NEWS

බදියුදීන්ට රැකවරණය දුන් වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට සැඟව සිටීමට උපකාර කළ වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සිටි දෙහිවල – ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිට සුඛෝපබෝගී මහල් නිවාසයේ පදිංචිව සිටි පුද්ගලයින් වේ.

සැකකරුවන් සඟවාගෙන සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් මොවුන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ හිතවතුන් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එමෙන්ම, දෙහිවලට පැමිණිමට පෙර මන්ත්‍රීවරයා රැඳී සිටි ස්ථාන පිළිබඳව ද පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව ද වාර්තා වේ.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top