Advertise with Giraya
NEWS

හෙරොයින් සමඟ කළුතර බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුත්තලම – සේනකුඩිඉරිප්පු ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීමක දී අද (19) අලුයම ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වන අවස්ථාවේ දී සැකකරු සතුව හෙරොයින් ග්‍රෑම් 40 යි මිලි ග්‍රෑම් 870ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සේවය කළ 37 හැවිරිදි දෙවන පෙළ ජේල්වරයෙකු බව වාර්තා වේ. ඔහුගේ බිරිඳ පොලීසියේ උසස් නිලධාරිනියක් බව ද වාර්තා වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top