දින 6ක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (19) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංක දෙක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්ත්‍රීවරයා දෙහිවල, එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වන විට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු මූලස්ථානයට රැගෙන විත් ඇති බව ද වාර්තා වේ. අත්අඩංගුවේ පසුවන මන්ත්‍රීවරයාගෙන් විමර්ශනයන්ට අදාළව ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
එසේම, රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට සැඟවී සිටීමට ආධාර උපකාර කළ කවරෙකුට වුවද ඒ සම්බන්ධයෙන් වන 209 වගන්තිය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.
මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය ඔක්තෝම්බර් 13 වැනි දින නීතිපතිවරයා පොලිසියට නියෝග කළේ ය. ඒ, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයාව සිටියදී පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ අවතැන් වූ ඡන්දදායකයින් මන්නාරම ප්‍රදේශයට ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ය.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාලීන අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලගරත්නම් මනෝරන්ජන් සහ රිෂාඩ් බදියුදීන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රියදුරන් දෙදෙනෙකු පසුගිය 13 සහ 14 යන දෙදින තුළ අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
එමෙන්ම, සැකකාර මන්ත්‍රීවරයා රටින් පිට වේ යැයි ඇති වූ සැකයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිෂාඩ් බදියුදීන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් ඔක්තෝම්බර් 14 දින නියෝගයක් නිකුත් කළා.
කෙසේ වෙතත්, රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට නොහැකි වීමෙන් ඔහුගේ බිරිඳගෙන් පසුගිය 15 වනදා සී.අයි.ඩීය ප්‍රකාශයක් ලබා ගැනීමට ද කටයුතු කරනු ලැබුවා.
පසුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ ඇතිවූ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් පසුගිය 16 වනදා ප්‍රශ්ණ කර තිබුණා. ඊට අමතරව හිටපු අමාත්‍ය රවුෆ් හකීම්ගෙන් ද සී.අයි.ඩීය ප්‍රකාශයක් ලබාගත්තා.
මේ අතර , තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (20) අභියාචනාධිකරණයේදී සළකා බැලීමට නියමිතයි.
සම්බන්ධිත පුවත්
- තමාව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රිෂාඩ්ගෙන් රීට් පෙත්සමක්
- රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්
- රිෂාඩ් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නැති බව කොටුව මහේස්ත්‍රාත් දන්වයි
- බදුර්දීන් අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙයි
