කුලියාපිටිය ප්‍රදේශයේ ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට සංචරණ සීමාවන් පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඒ, කුලියාපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් – 19 ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් ය.
කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පැවති මංගල උත්සවයකට සහභාගී වූ පිරිසේ කිහිපදෙනෙකුට මෙලෙස කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් 12 වන දා එම මංගල උත්සවයට සහභාගී වූ මනාලයා ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයන්වල ප්‍රතිඵල අනුව තවත් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී ඇත.
