මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (18) පස්වරු 06.35 වන විට තවත් පුද්ගලයින් 39 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, දිනය තුළ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව ආසාදිතයින් 61ක් හඳුනාගෙන් තිබෙනවා.
වාර්තා වූ ආසාදිතයින්ගෙන් 13 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය වන අතර අනෙක් 48දෙනා ආශ්‍රිතයින් වේ.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 5536ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2061 දක්වා ඉහළ යනු ඇති.
ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 2120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3403ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
