හෝමාගම, කහතුඩුව හයිඩ්රාමනි ඇඟළුම්හලේ සේවය කරන හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් – 19 වෛරසය පැතිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අදාළ කාන්තාව සහ ඇගේ සොයුරා ඔක්තෝම්බර් මස 03 වැනි දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වි ඇති අතර එහිදී සමීපව කතාබහ කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වී තිබෙනවා.
අදාළ ඇඟළුම්හලේ සියලුම සේවකයින් හට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
