ලොව පුරා දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට හාර ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. පළමු වරට ඔක්තෝම්බර් 16 වැනි දිනයේ දී ලොව පුරා රටවල්වලින් කොවඩ් – 19 ආසාදිතයින් 413,175 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය මෙතෙක් ලොව එක් දිනක දි වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයයි.
එමෙන්ම, යුරෝපා රටවල නැවත වරක් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම දක්නට ලැබෙනවා. පසුගිය සතිය තුළ යුරෝපයේ දිනක දී වාර්තා වූ ආසාදිතයින්ගේ සාමාන්‍ය එක්ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවද විදෙස් වාර්තා සඳහන් කරයි. තවද, ලොව පුරා වාර්තා වූ ආසාදිතයින්ගෙන් 34%ක් යුරෝපා රටවලින් වීම ද විශේෂත්වයකි.
තවද, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බ්රසීලයෙන්ද කොරෝනා රෝගීන් වාර්තා වීම ඉකුත් සතියේදී වැඩි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉකුත් මාස දෙකක කාලය පුරා ලොව දෛනික වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වූයේ ඉන්දියාවෙන් වන අතර පසුගිය දින කිහිපය තුළ නැවතත් ඉන්දියාව අභිබවමින් ඇමරිකාව දෛනික ආසාදිතයින් වාර්තා විමේ පෙරමුණ ගෙන තිබෙනවා.
ගතවූ පැය 24තුළ අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 71, 688 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 65,126ක් වේ. පෙරේදා දිනයේ අමෙරිකාවෙන් ආසාදිතයින් 66, 132 නෙකු වාර්තා වී ඇති අතර ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 60,439ක් වේ.
මේ වන විට ලොව පුරා මිලියන 40කට වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් මිලියන 1.1කට වැඩි පුද්ගලයින් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
