අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ වතිකානුවේ පිහිටි නිවස්නයේ ජීවත් වූ පුද්ගලයෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහුව ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් වතිකානුව ඊයේ (17) දිනයේ දී නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නිවේදනයෙන් අදාළ ආසාදිත පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි කර නොමැති අතර ඔහුගේ සමීප ආශ්‍රිතයින් ද ඔහු සමඟ ‘සැන්ටා මාර්තා’ නිවස්නයෙන් නික්ම නිරෝධායනය සඳහා යොමු වී ඇති බවයි සඳහන් කර තිබෙන්නේ.
තරුණ වියේ දි අසනීප තත්ත්වයක් හේතුවෙන් පාප් වහන්සේගේ එක් පෙනහැල්ලක් ඉවත් කර තිබෙනවා. පාප්තුමා නිරන්තරයෙන් ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කරන බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
පාප් වහන්සේ ඊයේ (17) දිනයේ දී ද සිය සුපුරුදු රාජකාරිවල යෙදුණු අතර පුද්ගලයන් තිදෙනෙකු පෞද්ගලිකව මුණ ගැසී තිබෙනවා. එමෙන්ම පාප්වහන්සේ විසින් ඉතාලි පොලිස් නිලධාරින් විශාල පිරිසක් ආමන්ත්‍රණය කළ බවත් වතිකානුව සඳහන් කළේය
