Advertise with Giraya
NEWS

කොළඹ නාවික තටාකාංගණයේ සේවකයන්ට කොරෝනා ආසාදනය වූ ආකාරය හෙළිවෙයි

කොළඹ වරායේ නාවික තටාකාංගණයේ සේවය කරන සේවකයින් 05 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.

එමෙන්ම, ඔවුන් පස්දෙනා සමීපව ඇසුරු කළ පුද්ගලයින් බුද්ධි අංශ විසින් මේ වන විට අනාරවණය කරගෙන ඇති බවත් ඔවුන් සියළුදෙනා ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මේ අතර, කොළඹ නාවික තටාකාංගණයේ සේවකයින්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති ආකාරය හෙළි වී ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා. මෙම කොරෝනා ව්‍යාප්තිය මතුගම බස් රථයක පුද්ගලයින් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වූ සිදුවිම හා සම්බන්ධ බවයි යුදහමුදාපතිවරයා සඳහන් කළේෙ. මෙම නාවික තටාකාංගණයේ සේවය කරනු ලබන සේවකයෙක් ද එහි මගියෙක් බවට කරුණු අනාවරණය වී ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. ඔහු හරහා ඔහු සමඟ සේවය කළ අනෙකුත් සමීපතමයින්ට වෛරසය ආසාදනය වී ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයක හිමිකරු, රියදුරු හා කොන්දොස්රටත්, එහි ගමන් කළ ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි.

කෙසේවෙතත්, මෙම සිදුවීම හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලට එය බාධාවක් එල්ල නොවන බව යුද හමුදාපතිවරයා පවසයි. එලෙස බාධාවක් ඇති නොවීමට අවශ්‍ය සියලු කටයුතු ගෙන ඇති බවත් වරාය සභාපති සමග එක්වී අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවත් මෙහිදී යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top