මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (17) පස්වරු 04.05 වන විට තවත් පුද්ගලයින් 73 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 5427ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1972 දක්වා ඉහළ යනු ඇති.
ඒ අනුව, බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන පහත පරිදි වේ.
ඔක්තෝම්බර් 03 – දිවුලපිටියේ පදිංචි හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව
ඔක්තෝම්බර් 04 – දිවුලපිටියේ කාන්තාවගේ දියණිය
ඔක්තෝම්බර් 05 – 101
ඔක්තෝම්බර් 06 – 729
ඔක්තෝම්බර් 07 –
202ඔක්තෝම්බර් 08 - 19
ඔක්තෝම්බර් 09 - 30
ඔක්තෝම්බර් 10 - 103
ඔක්තෝම්බර් 11 - 121
ඔක්තෝම්බර් 12 - 90
ඔක්තෝම්බර් 13 - 194
ඔක්තෝම්බර් 14 - 130
ඔක්තෝම්බර් 15 - 49
ඔක්තෝම්බර් 16 - (පස්වරු 2.40 වන විට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 03 සහ ආශ්‍රිතයින් 58යි, පස්වරු 7.00ට වාර්තා කළ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 35 සහ ආශ්‍රිතයින් 14යි)
- ඔක්තෝම්බර් 17 – 73 (පස්වරු 4.00 වන විට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 02 සහ ආශ්‍රිතයින් 71යි)
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 2019ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3395ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
