කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ කෝටි 10ක් වටිනා හෙරොයින් තොගයක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (16) දිනයේ දී සොයා ගෙන තිබෙනවා.
ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මදූෂ් සිදු කරන ලද හෙළිදරව්වකින් මෙම මත්කුඩු තොගය සොයා ගෙන ඇත.
වසර එකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මදූෂ් ඊයේ (16) දිනයේ දී වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබුණි.
