Advertise with Giraya
NEWS

නිශාන්ත ද සොයිසා CID මුල් පුටුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස නම් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත අදාළ ස්ථානමාරු කිරීම් සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව ද එම මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව මානව සම්පත් කළමනාකරණ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මානව සම්පත් කළමනාකරණ බඳවා ගැනීම්, විනය හා ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top