Advertise with Giraya
NEWS

කුවේට් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයේ නිලධාරීන් පිරිසකට සහ තානාපති කාර්යාලය මඟන් පවත්වාගෙන යන සුරක්ෂා නිවහනේ බහුතරයකට මේ වන විට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර සිටියි.

පවතින තත්ත්වය අනුව, දැනට පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේ දී කිසිදු ගෘහ සේවිකාවක් සුරක්ෂා නිවහනට භාර නොගැනීමට තීරණය කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

විශේෂ නිවේදනය

Giraya News Alerts

අප විසින් මීට ප්‍රථම දැනුම් දුන් පරිදි තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට සහ තානාපති කාර්යාල යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහනේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට යාමට නොහැකිව රැදී සිටින ගෘහ සේවිකාවන් 160 දෙනාගෙන් බහුතරයකට මේ වන විට නව කොරොනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අවස්ථාව වන විට සුරක්ෂා නිවහනේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් පැමිණෙන ගෘහ සේවිකාවන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ ප්‍රශ්ණයක්ද මතුවී ඇත. මෙම හේතුන් මත මින් ඉදිරියට කිසිඳු ගෘහ සේවිකාවක් සුරක්ෂා නිවහනට භාර නොගැනීමට තීරණය කර ඇත.

තවද ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකා රජය ගත් තීරණයක් මත කුවේට් තානාපති කාර්යාලයේ රැකියා හා සුභ සාධන අංශයේ නිලධාරීන් බහුතරයක් සේවය අවසන් කර නැවත ලංකාවට යැවීමට කටයුතු කර ඇත.

එබැවින් තම සේවා ස්ථානවල යම් ගැටළුවක් මතු වුවහොත් හාම්පුතාට හොර රහසේ තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත්, 25354633 දුරකථන අංකය ඔස්සේ තානාපති කාර්යාලය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තම පැමිණිල්ල ඉදිරිපත් කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙස දන්වමි.

තවද ඔබ තම හාම්පුතා යටතේ තවදුරටත් සේවය කිරීමට අකමැති නම් හාම්පුතාට ඒ බව දන්වා ඔහු සමඟ රුමතියාහි පිහිටි මිනිස් බල අධිකාරිය යටතේ පවතින “අමාල මනිසිල්” වෙත ගොස් කුවේට් රජය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහන වෙත භාරවීමට කටයුතු කරන්න.

එසේ නොකොට සේවා ස්ථානයෙන් බැහැරව පැමිණෙන අයට තම වාසස්ථානයද අහිමි වන අතර නැවතත් තම හාම්පුතාට හෝ විදේශ රැකියා නියෝජිත ආයතනයට භාරදීමට සිදුවනු ඇත. නැතහොත් තමාට වාසස්ථානයක් සොයා ගැනීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – කුවේට්
16 ඔක්තෝබර් මස 2020

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top