රත්මලාන කඳවල පාර, සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
අදාළ කාන්තාව ඇය මාළු වෙළෙන්දියක් වන අතර සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය ඉරිදා පොළේ මාළු වෙළදාමේ නිරත වූ කාන්තාවක් බවයි. ඒ අනුව, ඇයගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
