Advertise with Giraya
NEWS

20 දෙවන වර කියවීමේ විවාදයට දින නියම වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන 21 හා 22 දිනයන් වලදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කර තිබෙනවා. ඒ අනුව 21 හා 22 දිනයන්හි පෙරවරු 10 සිට පස්වරු 7.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 4 තුලදී රැස්වීමට තීරණය කර ඇතැයි කෝප් කමිටු සභාපති චරිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top