Advertise with Giraya
NEWS

බ්‍රැන්ඩික්ස් පොකුර 1850ක් වෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (16) පස්වරු 02.40 වන විට තවත් පුද්ගලයින් 61 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 5305ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1850 දක්වා ඉහළ යනු ඇති. ඒ අනුව,

  • ඔක්තෝම්බර් 03 – දිවුලපිටියේ පදිංචි හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව
  • ඔක්තෝම්බර් 04 – දිවුලපිටියේ කාන්තාවගේ දියණිය
  • ඔක්තෝම්බර් 05 – 101
  • ඔක්තෝම්බර් 06 – 729
  • ඔක්තෝම්බර් 07 – 196
  • ඔක්තෝම්බර් 08 - 19
  • ඔක්තෝම්බර් 09 - 30
  • ඔක්තෝම්බර් 10 - 103
  • ඔක්තෝම්බර් 11 - 121
  • ඔක්තෝම්බර් 12 - 90
  • ඔක්තෝම්බර් 13 - 194
  • ඔක්තෝම්බර් 14 - 130 (පස්වරු 2.15 වන විට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 05 සහ ආශ්‍රිතයින් 12යි, පස්වරු 7.40ට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 05 සහ ආශ්‍රිතයින් 108යි)
  • ඔක්තෝම්බර් 15 - 49 (පස්වරු 2.55 වන විට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 13 සහ ආශ්‍රිතයින් 36යි)
  • ඔක්තෝම්බර් 16 - 61 (පස්වරු 2.40 වන විට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 03 සහ ආශ්‍රිතයින් 58යි)

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1907ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3385ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top