2020 ඔක්තෝම්බර් 13 වන දින රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ මාධ්‍යවේදියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවත් සෞඛ්‍ය අංශ සනාථ කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
මේ නිසා, එම මාධ්‍ය හමුවට සහභාගී වූ සියළුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් අදාළ සෞඛ්‍ය වෙත දැනුම් දී තිබෙන බවත් සඳහන් කරයි. ඒ අනුව, අවශ්‍යතාවයක් මතු වුවහොත් අදාළ සෞඛ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම සෞඛ්‍ය අංශ වෙතින් එම මාධ්‍යවේදීන් වෙත ලබා දෙනු ඇති බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
කෙසේ වුවද, වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මාධ්‍යවේදියාගේ ඉදිරි පරීක්ෂණ ප්රතිඵලයන් ලැබෙන තෙක් එම මාධ්‍ය හමුවට සහභාගී වූ සියලුම මාධ්‍යවේදීන් බාහිර සමාජයට විවෘත නොවී නිවෙස්වල රැඳී සිටින මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දී තිබේ.
