Advertise with Giraya
ENTERTAINMENT

අනුලා බුලත්සිංහල දිවි රඟ මඬලට සමුදෙයි !

ප්‍රවීණ රංගන ශිල්පි අනුලා බුලත්සිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විය ඇය 73 හැවිරිදි වියේ පසුවිය.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිහන, ගෝල් වැනි සිනමාපටවලට ද ඇය සිය රංගනයෙන් දායක වී තිබෙනවා. මෑතකදී තිරගත වූ අසන්ධිමිත්තා සිනමාපටයටද ඈ රංගනයෙන් දායක වූවාය.

දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි ගීත ඇගේ අනන්‍යතාව සලකුණු කරයි. මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද ඇයට හිමිවිය.

Giraya News Alerts

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(17) කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිතය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top