Advertise with Giraya
NEWS

රියාජ්ගේ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරෙකු වන රියාජ් බදියුදීන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාව යළිත් අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් පවතින් හෙයින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා පසුගිය ඔක්තෝම්බර් 13 වැනි දින අභියාචනාධිකරණය වෙත ගොනු කරනු ලැබූ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අද (16) දින අභියාචනාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් සෙත් සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා විසින් ය.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් නැමැති සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මෑතකදී මාධ්‍ය වලට ප්‍රකාශ කර තිබූ බව රාමනායක පියතුමා අතරමැදි පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

Giraya News Alerts

එසේ තිබියදී, හදිසියේ රියාජ් බදියුදීන් නමැති සැකකරු මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබීම පිළිගත නොහැකි කරුණක් බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.

මේ අතර, රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ රීට් පෙත්සම අද (16) දින මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර රියාජ් බදියුදීන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව හදිසි අවශ්‍යතාවක් මත ගොනුකර තිබෙන හෙයින් එය සලකා බැලීම සඳහා ළඟ දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top