Advertise with Giraya
NEWS

තිස්සමහාරාමයේ සංචාරක මඟ පෙන්වන්නාට කොවිඩ් වැළඳුන ආකාරය හෙළිවෙයි

තිස්සමහාරාම ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු රහසිගතව වෙනත් රෝග ලක්ෂණ සඳහන් කරමින් හම්බන්තොට මහරෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු වී සිටිය දී එම තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක් බවටඊයේ (15) දිනයේ දී තහවුරු විය.

අදාළ පුද්ගලයා තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පසුගිය 12 වන දා දින ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

පසුව පීසීආර් පරීක්ෂණයක් සඳහා අවශ්‍ය නියැඳි ලබාගෙන සිටින අතරතුර උදරයේ අමාරුවක් යැයි පවසමින් ගිලන්රථයක් මඟින් 13 වනදා රාත්‍රියේ, හම්බන්තොට මහරෝහලට පැමිණ ඇති අතර එහිදී රෝගියා 18 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබේ.

Giraya News Alerts

කෙසේ නමුත්, අදාළ තැනැත්තා කොවිඩ් ආසාදිතයෙකු බව, සිදුකර තිබු පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වීමත් සමඟ ඔහු පිළිබඳව සෙවීමේ දී අදාළ රෝගියා අසත්‍ය තොරතුරු ලබාදෙමින් හම්බන්තොට මහරෝහලට ඇතුළත් වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

එමෙන්ම අදාළ රෝගී පුද්ගලයා යාල ජාතික වනෝද්‍යානය ආසන්නයේ ඇති හෝටලක සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස කටයුතු කර ඇති අතර, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් පැමිණි පුද්ගලයින් සඳහා මොහු විසින් මඟ පෙන්වා තිබෙනවා.

අදාළ සංචාරක මඟ පෙන්වන්නාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ඔහු සහභාගිවූ විවාහ මංගල උත්සවයකදී බවට බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

මෙම සංචාරක මගපෙන්වන්නා සහභාගිවූ එම විවාහ මංගල උත්සවයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ පිරිසක් පැමිණ ඇති බවට බුද්ධි අංශ විසින් සොයා ගෙන ඇති අතර ඒ හරහා මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී ඇති බව හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top