Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයට අමාත්‍යවරිය අත්සන් තබයි

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුඛ ආවරණ පැළඳීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරිම ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් කටයුතු යොදා ඇත.

ඒ අනුව, නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අත්සන් තබා තිබෙන අතර එය අද (15) මධ්‍යම රාත්‍රියේ දී නිකුත් කිරීමට නියමිතයි.

මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟ නීති කඩ කරන පුද්ගලයන් හට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත් මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබා දීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

Giraya News Alerts

මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුලුවීම හා පවත්වාගෙන යාම පිළිබඳව මෙම ගැසට් පත්‍රය පෙන්වා දී ඇති අතර,

  • සේවා ස්ථානවලට හා ව්‍යාපාරික ස්ථානවලට ඇතුල්වන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදි ම මුව ආවරණයක් පැළඳ සිටිම.
  • දෙදෙනෙකු අතර මීටර එකක නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.
  • සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.
  • විෂබීජ නාශක දියර සමඟින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.
  • ඇතුල්වන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම.
  • සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තිකයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම ඒ අතර වේ.

එමෙන්ම, සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාළ නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top