මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කම්හලේ සේවය කරන සේවිකාවන් කොවිඩ් ආසාදිතයින් වශයෙන් වාර්තා විමත් සමඟ ඔවුන් වැඩි වශයෙන් වාර්තා වූ මිනුවන්ගොඩ ප්රදේශයේ තවත් ගම්මාන 3ක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මිනුවන්ගොඩ පොලිස්බල ප්රදේශයට අයත් ගැනිහිමුල්ල,පේරලන්දවත්ත සහ හැලකන්දන යන ගම්මාන තුන මෙලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
එසේම, එම ප්රදේශවල 500 දෙනාගේ පීසීආර් පරීක්ෂණයන් අද (15) දෙවොලපොළ සතිපොළේ දී සිදු කරනු ලැබීය.
සම්බන්ධිත පුවත්
