මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (15) පස්වරු 02.55 වන විට තවත් පුද්ගලයින් 49 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 5219ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1770 දක්වා ඉහළ යනු ඇති. ඒ අනුව,
ඔක්තෝම්බර් 03 – දිවුලපිටියේ පදිංචි හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව
ඔක්තෝම්බර් 04 – දිවුලපිටියේ කාන්තාවගේ දියණිය
ඔක්තෝම්බර් 05 – 101
ඔක්තෝම්බර් 06 – 729
ඔක්තෝම්බර් 07 – 196
ඔක්තෝම්බර් 08 - 19
ඔක්තෝම්බර් 09 - 30
ඔක්තෝම්බර් 10 - 103
ඔක්තෝම්බර් 11 - 121
ඔක්තෝම්බර් 12 - 90 ( පස්වරු 1.50 වන විට වාර්තා වූ ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය 25 සහ ආශ්‍රිතයින් 14යි, පස්වරු 7.05 වන විට වාර්තා වූ ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය (නිරෝධායන මධ්‍යස්ථානවල සිටින) 12 සහ ආශ්‍රිතයින් 36)
ඔක්තෝම්බර් 13 - 194 (පස්වරු 1.25ට වාර්තා වූ නිරෝධායනය වෙමින් සිටින ආසාදිතයින් 32 සහ ආශ්‍රිතයින් 17, පස්වරු 08.50ට වාර්තා වූ නිරෝධායනය වෙමින් සිටින 48 සහ ආශ්‍රිතයින් 97යි)
ඔක්තෝම්බර් 14 - 130 (පස්වරු 2.15 වන විට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 05 සහ ආශ්‍රිතයින් 12යි, පස්වරු 7.40ට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 05 සහ ආශ්‍රිතයින් 108යි)
ඔක්තෝම්බර් 15 - 49 (පස්වරු 2.55 වන විට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 13 සහ ආශ්‍රිතයින් 36යි)
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1826ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3380ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
