කොළඹ මහ නගර සභාව සති දෙකකට මහජනයා සඳහා විවෘත නොකරන බව නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක පවසයි.
එමෙන්ම මරදාන, ඩීන්ස් පාර පිහිටි මහජන ආධාර දෙපාර්තමේන්තු කාර්යාලය සති දෙකක් වසා දමා ඇතැයිද ඇය සඳහන් කරයි. එම දෙපාර්තුමේන්තුවේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සඳහන් කරයි.
ඒ අනුව, එම දෙපාර්තුමේන්තුවේ සේවකයින් 80 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. එමෙන්ම, ආසාදිත සේවිකාව ඇසුරු කළ බවට හඳුනාගත් නගර සභාවේ ආශ්‍රිතයන් 110දෙනෙකුට හෙට (16) දිනයේ දී පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
අදාළ කොරෝනා ආසාදිත සේවිකාවගේ සැමියා ජාතික රෝහලේ සේවය කරන අයෙක් බව ද අනාවරණය වී තිබෙනවා.
