පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සිය නීතීඥයෙකු මාර්ගයෙන් අභියාචනාධිකරණය වෙත රීට් පෙත්සක් යොමු කර තිබෙනවා.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු හත් දෙනෙකු නම් කර තිබෙනවා.
පෙත්සම්කරු පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඉකුත් ජනාධිපතිවරණය දිනයේ දී අවතැන්වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.
එසේම, පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවයි. අභ්‍යන්තර අවතැන් වූ ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ අවතැන්වූවන් පිළිබඳ ව නැවත පදිංචි කිරිමේ ව්‍යාපෘතිය යටතේ පවතින ප්‍රතිපාදන යොදාගනිමින් යැයි ඔහු පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත්
- රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්
- රිෂාඩ් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නැති බව කොටුව මහේස්ත්‍රාත් දන්වයි
- බදුර්දීන් අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙයි
