රියදුරුට පාලනය කර ගත නොහැකි වු ත්රී රෝද රථයක් ප්රපාතයකට පෙරළීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හපුතලේ පොලිස් වසමේ වැල්ලවාය – බෙරගල මාර්ගයේ බෙරගල දෙසට ධාවනය වූ එම ත්රී රෝද රථය මීටර් 500ක් පමණ ප්රපාතයකට පෙරළී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු හා පිටුපස අසුනේ සිටි කාන්තාවක් හා දරුවෙක් හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී අවුරුදු එකාහමාරක් පමණ වයසැති කුඩා දරුවා ජීවිතක්ෂයට පත්ව ඇත. අනෙක් තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්රතිකාර සඳහා හපුතලේ රෝහල වෙත මාරු කර යවා ඇත.
