Advertise with Giraya
NEWS

සුඛෝපබෝගී බස් රථවලට මගීන් නංවා ගැනීමට පෙර ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන්න

සුඛෝපබෝගී බස් රථ වලට නංවා ගැනීමට පෙර මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර බැලීම සිදු කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

බස් රථවල ගමන් කරන මගීන්ගේ සෞඛ්‍යා රක්ෂිතභාවය සම්බන්ධයෙන් බස්රථ සේවකයින් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළේය.

“අපි විශේෂයෙන්ම වායුසමනය කළ බස් රථවලින් ඉල්ලීමක් කරනවා ඒ බස්වලට මගීන් ගොඩවෙන්න කලින් උණ බලන යන්ත්‍රයක් පාවිච්චි කරලා හැමෝගෙම උණ බලලා, ඇතුළු කරන්න කියලා. එහෙම අවිශ්වාසයක් තියෙනවා නම්, ඒ එය සෞඛ්‍ය අධිකාරීන්ට දැනුවත් කරන්න. සාමාන්‍ය ධාවනයේ තිබුණ බස් ප්‍රමාණයත් සමග අද මගීන්ගේ ගමනාගමනය අඩුවෙලා තියෙනවා. කොවිඩ් 19 වසංගතය ඇති වෙන්න ඉස්සෙල්ලා, දිනකට බස් 1600ක් ධාවනය වුණා. 25,000ක් විතර මගීන් ආවා දැන් බස්රථ 666කට වගේ සීමාවෙලා. මගීන් එන්නේ 5691ක් විතර. අපි බලාපොරොත්තු වෙන්නේ මගීන්ගේ සේවාව ඒ විදියටම පවත්වන ගමන් කොවඩ් වසංගතයෙන් මගීන්ව ආරක්ෂා කරන්න.”

Giraya News Alerts

එමෙන්ම, කොවිඩ් ආසාදිතයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

“අපි හඳුනා ගෙන තියෙනවා බස් රථ ගණනාවක්, ND 4890 කොළඹ – මැදගම ගිය බස් රථයේ කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ඒ එක්කම ND 2350 මාකුඹුර – ගාල්ල ගිය බස් එකෙත් කොවිඩ් රෝගියෙක් ඉදලා තියෙනවා. ND 549 – අම්බලන්ගොඩ බස් එක කඩවත ඉදලා ගිය බස් එකෙත් රෝගියෙක් ඉදලා තියෙනවා. කොළඹ – යාපනය ගිය 6503 බස් එකෙත් කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ඇල්පිටිය – කොළඹ ගිය බස් එකෙත් ND 9788 කොවිඩ් රෝගියෙක් හමුවෙලා තියෙනවා. ගාල්ල – කඩවත ගිය බස් එකෙත් NF 7515 බස් එකෙත් රෝගියෙක් හමුවෙලා තියෙනවා. අපේ තියෙන හයිවේ බස් සියල්ලම මොනිටර් කරලා තියෙන්නේ ජීපීස් තාක්ෂණයෙන්”

කොවිඩ් 19 තිබෙන මොහොතක බස් සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් හෝ විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1955ට කතා කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top