Advertise with Giraya
NEWS

රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හා සම්සුදීන් මොහොමඩ් හට විදෙස් ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් මත පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට සොයන රිෂාඩ් බදියුදීන් හා මොහොමඩ් සම්සුදීන් යට අයට විදෙස්ගත වීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් අත්අඩංගුවට ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් අය අතරින් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලගරත්නම් මනෝරන්ජන් නැමැත්තා පමණකි. ඔහුව ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.

Giraya News Alerts

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් 06ක් පරීක්ෂණ සිදුකරන අතර කොළඹ පිහිටි නිවසේ මන්ත්‍රීවරයා නොසිටි බැවින් මන්නාරම නිවෙසට පොලිසිය ගොස් ඇත. එහෙත් මන්ත්‍රීවරයා සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැත.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාව සිටිය දී පොලිස් නිලධාරියෙකු ලෙස සිදුකළ යුතුව තිබූ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙනි.

එහිදී, හිටපු අමාත්‍යවරයා විසින් භාවිත කළ බව කියන මෝටර් රථ දෙකක් සහ ඒ තුළ තිබූ ගිනි අවි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ. මෝටර් රථවල රියදුරන් ලෙස කටයුතු කර ඇති පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top