හෙට (15) අලුයම 5.00 සිට කටුනායක පොලිස්බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්ව පවසනවා.
ඇඳිරි නීතිය පනවා තිබුණත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට සිය හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස යොදා ගෙන සේවයට වාර්තා කළ හැකි බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
