Advertise with Giraya
NEWS

මතුගම – කොළඹ බස් රථයේ හිමිකරු,රියදුරු හා කොන්දොස්තරට කොරෝනා

මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක හිමිකරු, රියදුරු හා කොන්දොස්තරවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව මතුගම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් සඳහන් කරයි.

බස් රථ රියදුරු මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කොන්දොස්තර මතුගම බදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්රථයේ හිමිකරු මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම බස් රථයේ හිමිකරු, රියදුරු සහ රිය සහයක ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත්වී නාගොඩ රෝහලේදී PCR පරීක්ෂණයකට පෙනී සිට තිබෙන අතර එහිදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

Giraya News Alerts

මෙම බස් රථයේ ගමන් කළ මතුගම, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙදියකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම පිරිසගේ පළමු ආශ්‍රිතයින් කවුරුන්ද යන වග අනාවරණය කර ඔවුන්ට ද පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

එමෙන්ම, මෙම කොන්දොස්තරවරයාගේ බිරිඳ සේවය කරනු ලබන්නේ මතුගම පිහිටි පෞද්ගලික බැංකුවක වන අතර එම බැංකුව ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වී අද(14) සිය ගණුදෙනු කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.

මතුගම ප්‍රදේශයෙන් ආරම්භ වන බොහෝ පෞද්ගලික බස් රථ අද දිනයේදී ධාවනය කිරීමෙන් වැළකී තිබෙන අතර මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ පිටුපස පිහිටි කඩ සාප්පුද එහි හිමිකරුවන් විසින් අද (14) දිනයේදී වසා තබා තිබෙනවා යැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජි.ඩි. ලයනල් ප්‍රකාශ කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top