ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (14) පස්වරු 2.15 වන විට 5055ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි.
ඒ, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. ඔවුන්ගෙන් 05 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර අනෙක් 12 දෙනා ආශ්‍රිතයින් වේ. ඒ අනුව, දැනට බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1608ක් වේ.
අද (14) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින් අතරින් ආසාදිතයින් 3357 දෙනෙකු සුවය ලබා ඇත.
එමෙන්ම, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1685ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
