2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටින දිවුලපිටිය ප්‍රදේශයේ සිසුවෙක්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
එම සිසුවාගේ පවුලේ සාමාජිකයෙකු හට ද මීට පෙර වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම සිසුවාට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. කුලතිලක සඳහන් කළේ.
මේ හේතුවෙන් එම සිසුවා සමග විභාගයට පෙනීසිටි සිසුන් 20 දෙනෙකු කණ්ඩායම් දෙකකට බෙදා විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබාදී ඇති බව ද එම්. කුලතිලක සඳහන් කරයි.
එම ආසාදිත සිසුවා මේ වන විට ඉරණවිල රෝහලට යොමු කර ඇති අතර එහි ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී ඔහුට විභාගයට පෙනී සිටිමේ අවස්ථාව සලසා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළා.
