යෝජිත ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සියළුම තරඟ ක‍්‍රීඩාංගන දෙකක දී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේ දී එම තරඟාවලියේ තරඟ 23 ම පැවැත්වීමට තීරණය කර ඇත. මීට පෙර රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගනයේ දී ද තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබිණි.
තරඟාවලියට සඳහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම එළඹෙන 19 වනදා සිදු කිරීමට නියමිතව ඇති අතර ඒ සදහා විදෙස් ක‍්‍රීඩකයින් 75 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතයි.
ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් සදහා කණ්ඩායම් පහක් එක් වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක‍්‍රීඩකයින් 6 දෙනෙකු එක් කර ගැනීමට නියමිත අතර ඒ අනුව විදෙස් ක‍්‍රීඩකයින් 30ක් එම තරඟාවලියට එක්වනු ඇති.
දැනට සැලසුම් කර ඇති පරිදි ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිතයි.
