Advertise with Giraya
NEWS

සීදූව බෝඩිමකින් ආසාදිතයින් 42ක් හමුවෙයි

මේ වන විට ලංකාවේ වාර්තා ආසාදිතයින් විවිධ ප්‍රදේශයන්වල විසිරි පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. එමෙන්ම, ඊයේ (13) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 194 දෙනා අතරින් 114 දෙනෙකුම නිරෝධායනය නොවන නමුත් වෙනත් ස්ථානවලින් හෝ ස්වයං නිරෝධායනයක ලක් නොකරපු අය ලෙස වාර්තා වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම, ඊයේ (14) දිනයේ දී නිරෝධායන ඇඳිරි නීතිය නැති සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකුත් වාර්තා වූ බව යුද හමුදාපතිවරයා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ වැඩසටහනකට එක් වෙමින් ය.

එහිදී අදහස් දක්වමින් යුදහමුදාපතිවරයා, ඊයේ දිනයේ දී වාර්තා වු අයගෙන් 80 දෙනෙකුම නිරෝධයන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පවතින අයවලුන්. තවත් 114 දෙනෙක් නිරෝධායනය නොවන නමුත් වෙනත් ස්ථානවලින් හෝ ස්වයං නිරෝධායනයක ලක් නොකරපු අය හැටියට වාර්තා වෙනවා. එයිනුත් බහුතරයක් වාර්තා වෙන්නේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන ප්‍රදේශවලින්. ඒ අනුව ගම්පහ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකුත් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් 38 දෙනෙකුත් දිවුලපිටියෙන් 34 දෙනෙක් හා විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය නැති සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකුත් වාර්තා වෙනවා ප්‍රධාන වශයෙන්. ඊට අමතරව කොළඹින් 7දෙනෙක් කිරිඳවෙල ප්‍රදේශයෙන් 4 දෙනෙකුත් ඇතුළුව කුරුණෑගල, කිරිඳිවෙල, කොළඹ සහ ගනේමුල්ල කියන ප්‍රදේශවලින් සාමාන්‍යයෙන් 4ක් 7ක් හෝ 8ක් පරාසයක හමුවෙනවා. ඊට අමතරව ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කඩුවෙල, නුගේගොඩ, රත්මලාන, මීගමුව, ජාඇළ, ඇඳිරි නීතිය නැති ස්ථානවලින් කළුතර, රත්නපුර, ගනේමුල්ල, අනුරාධපුර කියන ප්‍රදේශවලින් සහ හොරණින් එක් පුද්ගලයෙකු හෝ හමුවු ප්‍රදේශ හැටියටයි මේ අනුව වාර්තා වෙන්නේ.“

“ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයෙක් හෝ හමුවී තිබෙනවා. කොළඹත් හමුවුණ සංඛ්‍යාවන් තිබෙනවා. සමහර අවස්ථාවලදී ‘ඕවර් රියැක්ෂන්‘ තියෙනවා මිනිස්සුන්ගේ. හමුවුණා කියන වාර්තා වෙන එක හිතලත් කඩ සාප්පු වසා දමන තත්ත්වයක් තියෙනවා. නමුත් ඇත්ත අවශ්‍යතාවය තමුන් පරිස්සම් වීමත් තමුන් කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමට වග බලා ගැනීමත් අනුන්ට මේක නොදෙන ආකාරයෙන් ජීවත් වීමත්… මේ විදියට රටේ කුමන ප්‍රදේශයකින් එක් කෙනෙක් හමුවුණත් ඉතා වැදගත් වෙනවා. මොකද එක් අයෙකුට විශාල සංඛාවකට පතුරන්න පුළුවන් කියන එක.“යනුවෙන් පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top