Advertise with Giraya
NEWS

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1600ට ආසන්න වෙයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව අද (13) පස්වරු 08.50 වන විට තවත් පුද්ගලයින් 145 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. අද (13) දිනය තුළ දී බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයින් ගණන 194ක් වේ.

දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 5038ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1591 දක්වා ඉහළ යනු ඇති. ඒ අනුව,

  • ඔක්තෝම්බර් 03 – දිවුලපිටියේ පදිංචි හඳුනාගත් පළමු ආසාදිත කාන්තාව
  • ඔක්තෝම්බර් 04 – දිවුලපිටියේ කාන්තාවගේ දියණිය
  • ඔක්තෝම්බර් 05 – 101
  • ඔක්තෝම්බර් 06 – 729
  • ඔක්තෝම්බර් 07 – 196
  • ඔක්තෝම්බර් 08 - 19
  • ඔක්තෝම්බර් 09 - 30
  • ඔක්තෝම්බර් 10 - 103
  • ඔක්තෝම්බර් 11 - 121 (පස්වරු 6.55 වන විට වාර්තා වූ ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය 39 සහ ආශ්‍රිතයින් 22යි, පස්වරු 9.10 වන විට වාර්තා වූ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය 48 සහ ආශ්‍රිතයින් 12යි)
  • ඔක්තෝම්බර් 12 - 90 ( පස්වරු 1.50 වන විට වාර්තා වූ ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය 25 සහ ආශ්‍රිතයින් 14යි, පස්වරු 7.05 වන විට වාර්තා වූ ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩලය (නිරෝධායන මධ්‍යස්ථානවල සිටින) 12 සහ ආශ්‍රිතයින් 36)
  • ඔක්තෝම්බර් 13 - 194 (පස්වරු 1.25ට වාර්තා වූ නිරෝධායනය වෙමින් සිටින ආසාදිතයින් 32 සහ ආශ්‍රිතයින් 17, පස්වරු 08.50ට වාර්තා වූ නිරෝධායනය වෙමින් සිටින 48 සහ ආශ්‍රිතයින් 97යි)

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1697ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති ගණන 3328ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top