ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (13) පස්වරු 8.30 වන විට 5038ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. ඒ, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයින් 145 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව, දැනට බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1591ක් වේ. ප්‍රධාන වශයෙන් මෙරටින් කොරෝනා පොකුරු 3ක් හඳුනා ගත් අතර එයින් කන්දකාඩු පොකුරෙන් ආසාදිතයින් 651ක් ද, නාවික හමුදා පොකුරෙන් ආසාදිතයින් 950ක් ද වාර්තා විය. එමෙන්ම, විදෙස්ගතව පැමිණි විදේශිකයින් 88ක් ද ,ශ්‍රී ලාංකිකයින් 1446ක් ද වාර්තා විය.
අද (13) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින් අතරින් ආසාදිතයින් 3328 දෙනෙකු සුවය ලබා ඇත.
එමෙන්ම, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 1697ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
