අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් පත් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය හොබවන ලද සමයේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ විජයානන්ද හේරත්, අගමැති මහින්ද රාජපක්ෂ කම්කරු හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයාව සිටි කාලයේ දී සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයාව සිටිය දී ද ඔහුගේ මාධ්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇත.
සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇති ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ පාලක මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂවේදී ගෞරව උපාධිධරයකු වන අතර එම විශ්ව විද්‍යාලයේම සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු ද වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෘත්තියට පිවිසි ඔහු මාධ්‍ය සම්බන්ධීකරණ සහ මාධ්‍ය කළමනාකරණ ක්‍ෂෙත්‍රයේ වසර 25 කට වඩා වැඩි අත්දැකීම් සහිත වූවෙකි.
