Advertise with Giraya
NEWS

අනුරාධපුර මිත්තණියකට සහ මිනිබිරියකට කොරෝනා වැළඳෙයි

නුරාධපුර ඇලයාපත්තුව විහාරපාලුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑවක් වන මිත්තණියකට සහ ඇගේ මිණිබිරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

මිණිබිරියගේ මව සීදූව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන බවත් ඇය ඔක්තෝබර් 06 වැනිදා සිට 10 වනදා දක්වා එම නිවසට පැමිණ ඇති බව හෙළිව තිබෙනවා.

පසුව මිණිබිරියට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ඇයව ඇලයාපත්තුව රෝහලට ඇතුළත් කර තිබූ අතර අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී මිත්තණියට මෙන්ම මිණිබිරියටත් වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී ඇත.

Giraya News Alerts

සීදූව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන මිණිබිරියගේ මවගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන්, අදහස් දැක්වු මධ්‍යම නුවරගම්පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් සෙනෙවිරත්න පැවසුවේ, “දියණිය රෝහල් ගත වෙලා තියෙන්නේ මාමා කෙනෙක්ගේ ත්‍රීවිල් රථයෙන් ඇලයාපත්තුවේ. අපි ඒ නිවස සහ ලොකු අම්මා සියලු දෙනාම නිරෝධායනය සඳහා අවශ්‍ය කටයුතු කරනවා. අපි දැනට තියෙන තොරතුරු අනුව ගමේ විශාල ප්‍රදේශයක ඒ අය ගමන් කරලා තියෙනවා. ඊට අමතරව මේ නිවසේ ඉන්න පුතා වොලිබෝල් තරග කිහිපයකට යෙදිලා තියෙනවා නීරාවිය හා මහබුලම් කුලම යන ප්‍රදේශවල. මං හිතන්නේ සංචරණ සීමාව ටිකක් පුළුල් වැඩි නිසා අපි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා.“ යනුවෙනි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top