පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ තවත් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ දීය.
එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ සඳහන් කලේ මෙම චෝදනා සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවත් ඒ අනුව වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.
2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් බස් රථයකින් ජන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (13) උපදෙස් දුන්නා.
සම්බන්ධිත පුවත්
