Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බොරැල්ලේ වෙළඳසැල් කිහිපයක් තාවකාලිකව වසා දමයි

කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු සංචාරය කිරිම නිසා බොරැල්ලේ පිහිටි වෙළඳසැල් 06ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. බොරැල්ලේ, ලෙස්ලි රණගල මාවතේ නේවාසිකව සිටි තිදෙනෙකුට මෙසේ කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිව තිබෙනවා.

මේ අතර මන්නාරම, රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ තවත් පුද්ගලයින් තිදෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින් තිදෙනා කටුනේරිය, ආරච්චිකට්ටුව සහ මුන්දල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මන්නාරම රදගුරු මැදුරේ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ වෙන්නප්පුව, ලූණුවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර තහවුරු වුණා.

Giraya News Alerts

අනතුරුව මන්නාරම රදගුරු නිවසේ සේවය කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු පීසීආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. එහිදී තවත් පුද්ගලයන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ සේවකයන් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top