කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 07 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇති බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදී දිනුකා ගුරුගේ සඳහන් කළාය.
මෙලෙස වෛරසය ආසාදනය වූ සියලුදෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියලුදෙනාම ආශ්‍රිතයින් ලෙස තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එමෙන්ම, අද පස්වරු 1.25 වන විට බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව තවත් ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ සමඟ එම පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 1446 දක්වා ඉහළ යනු ඇති.
