Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හිමිනමකට පහරදීම නිසා පාලාවත්ත නොසන්සුන්

බදුල්ල පාලාවත්ත ‍බෝධිරාජාරාමාධිපති ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට ගම්වැසියෙක් විසින් පහරදීමේ සිද්ධියක් නිසා ඊයේ (12) සවස එම ගම්මානයේ නොසන්සුන්තාවයක් ඇති විය.

විහාරස්ථානය අසල පිහිටි නිවාස කිහිපයකට අප ජලය ගලාගෙන යන ලෙස කාණුවක් කපමින් සිටි පහරදුන් පුද්ගලයාට විරුද්ධ වීම නිසා හිමිනමට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ගම්වැසියන් එක්ව පහර දුන් පුද්ගලයාගේ නිවසට ගල මුල් ප්‍රහාර එල්ල කොට එහි නිවැසියන් නිවාසය තුළ ම රඳවාගෙන තබා ඇත. පසුව බදුල්ල පොලීසිය මැදිහත් වී තත්ත්වය පාලනය කර ඇත.

Giraya News Alerts

පහරකෑමට ලක් වූ අමරජෝති හිමියෝ පාලාවත්ත හා අවට ගම්මාන දියුණු කරමින් ගම්වැසියන්ගේ නොමද ගෞරවය දිනා සිටින හිමි නමකි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top