සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින්ගේ තොරතුරු යාවත්කාලීන කර ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
ඒ අනුව, ඉදිරි දින 3 ඇතුළත දී සේවකයින්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කර ගැනීමට කටයුතු සිදු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කරයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේ, ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ වැඩසටහනකට එක්වෙමින් ය.
එහිදී, නියෝජ්‍ය පොලිස්පතිවරයා, “බ්‍රැන්ඩික්ස් ආයතනයේ 1552ක් වු සේවක සේවීකාවන් සොයා ගන්න හරි අපහසුවුණා බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශවලට. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලීමක් කරනවා, සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන, කාර්යාල මොනවාහරි සේවක සංඛ්‍යාවක් ඉන්න ඕනෑම ආයතනයක දින 3ක කාලයක් ඇතුළතදී ඔබ ආයතනයේ සේවක සේවීකාවන්ගේ පුද්ගලික ලිපිගොනු යාවත්කාලීන කරන්න කියලා. මේක ගම්පහ දිස්ත්‍රික්කයට විතරක් නෙමේ ලංකාවේ හැම කෙනෙක්ගෙන්ම කරන ඉල්ලීමක්.
යම් හදිසි අවස්ථාවක් ඇති වුණොත් යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන වුණොත් දුරකථන අංක අපට ලැබුණාම ඒ අය සම්බන්ධකර ගන්න පුළුවන්. කොහෙද ඉන්නේ කියලා, ගෙන්නගන්න පුළුවන් අපට සෞඛ්‍ය නිලධාරින් යවලා මේ ආකාරයට. බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල් සාමාජිකයෝ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එය සිදුකර ගැනීමට අසීරු වුණා. ඒ ආයතනයට බැදෙනකොට දුන්න තොරතුරු දුරකථන වෙනස් වෙලා ලිපිනය බොඩින් වෙනස් වෙලා. ඒ නිසා ආයතන ප්‍රධානීන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නේ දින 3ක් ඇතුළත සේවක තොරතුරු යාවත්කාලීන කරගන්න කියලා.” යැයි පැවසුවා.
