රුධිර පරික්ෂාවක් සඳහා පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීම නිසා මොරටුව ප්‍රදේශයේ පිහිටි Medihelp පෞද්ගලික රෝහල තාවකාලිකව වසා දමා තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 05 වැනි දින එම පෞද්ගලික රෝහලට පැමිණි පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව, මොරටුව පිහිටි Medihelp ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි එම රෝහල් සමූහය නිවේදනය කර සිටින්නේ.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් අනෙකුත් ප්‍රදේශයන්හි පිහිටි එම ආයතනයට අයත් රෝහල්වල සේවාවන් සඳහා විවෘතව ඇති බවත් නිවේදනය කරයි.

